Thursday, January 01, 2026
Follow Us
රවි ඇතුළු මහ බැංකු වංචාවේ විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව අද (17) දින දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්.ඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එම ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ.

නඩුව අද දින කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇප ලබාදීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජනසුන්ර මහත්මිය දැඩි විරෝධය පළ කළේ ය.

විරෝධය පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර සිටියේය.

(Lanka Leads)