Saturday, May 04, 2024
Follow Us
බදු අයකර ගැනීමට නොහැකි නඩු සම්බන්ධයෙන් තීරණයක්

දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය හේතුකොට ගෙන රුපියල් බිලියන ගණනක බදු අයකර ගැනීම ප්‍රමාද වී ඇති බව රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය කරගෙන තිබේ.

නඩු කටයුතු දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලියකට සහ නඩු කල්යාම හේතුවෙන් මේ තත්වය උද්ගතව ඇති බව සඳහන් ය.

බදු අයකර ගැනීම සඳහා’ අධිකරණ අමාත්‍යංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග අදාළ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට ඉදිරියේදී කැඳවීමට තීරණය කර ඇත.

අදාළ නීති වෙනස් කර මින් කඩිනමින් විදිමත්ව බදු අයකර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගතයුතු බවද සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි .

(Aruna)