Saturday, May 04, 2024
Follow Us
රිෂාඩ්ලා,හිස්බුල්ලලා තමයි පාස්කු ප්‍රහාරය මෙහෙය වූයේ ඒක මම අදත් කියනවා - විජයදාස

එදා මෙන්ම අදත් තමන් පවසන්නේ පාස්කු ප්‍රහාරය මෙහෙය වූයේ රිෂාඩ් බදියුදීන්,හිස්බුල්ලා,මුජිබර් රහුමාන්ලා වන අතර ත්‍රස්තවාදීන් බේරා ගැනීමට කටයුතු කර තිබුණේ අසාද් සාලි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ අබව සදහන් කර තිබුණේ ඊයේ (14) කොළඹදී පැවති ජන හමුවකදීය.

කෙසේවෙතත් එදා එකම ත්‍රස්තවාදියෙක්,වහබ්වාදියෙක් නැහැ කියූ රිෂාඩ් බදියුදීන්ගෙන්,හිස්බුල්ලගෙන්,මුජිබර් රහුමාන්ගෙන්,රාජිත සේනාරත්නගෙන් තමන් අහන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ජීවිතවල වගකීම ඒ අය භාරගන්නවද යන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එමෙන්ම රටේ නීතියට යටත් නොමැති බවට කිසියම් හෝ කෙනෙක් කියනවා නම් තරාතිරම නොබලා එම පුද්ගලයා රටින් පිටුවහල් කරන්න හැකි වන පරිදි නීති හැදිය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සනහන් අකරණ ලදී

නීතියට යටත් නැති පුද්ගලයෙක් රාජ්‍යයක තබා ගත නොහැකි බවයි රාජපක්ෂ මහතා කියාසිටියේ.

සියලු ප්‍රශ්න වලට මුහුණ දෙමින් ජාතික ආරක්ෂාව තහවුරු කරමින්,අන්තවාදී ත්‍රස්තවාදී ව්‍යාපාරවලට වැට බඳිමින් ජාතික සමඟිය ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කළ යුතු බවද ඔහු පැවසුවේය.

''ඕනෑම තැනක අන්තවාදය සහ ත්‍රස්තවාදය අතර පරතරය කෙස් ගහකට සමානයි. ඕනෑම අන්තවාදයක් කෙලවර වෙන්නේ ත්‍රස්තවාදයකින්. එය අපි 1971, 88-89 අත්වින්දා. අපි අවුරුදු 30ක් ද්‍රවිඩ ඊලාම් ත්‍රස්තවාදය තුළින් අත්වින්දා. මම 2016 පාර්ලිමේන්තුවේදී වහබ්වාදය ගැන කිව්වේ වගකිව යුතු ඇමතිවරයෙක් විදිහට. සහරාන්ගේ කල්ලිය ගැන කිව්වා. වහබ්වාදී දේශකයෝ 500ක් ඇවිල්ල රට වටේ දේශනා පවත්වනවා කියල කිව්වා.
ඒක කියපු දවසේ ඉඳල මාව ජාතිවාදියෙක් විදිහට හංවඩු ගැහුණා. එදා එකම ත්‍රස්තවාදියෙක්,වහබ්වාදියෙක් නැහැ කියපු රිෂාඩ් බදියුදීන්ගෙන්,හිස්බුල්ලගෙන්,මුජිබර් රහුමාන්ගෙන්, රාජිත සේනාරත්නගෙන් අහනවා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ජීවිත වල වගකීම ඒ අය භාරගන්නවද කියල. පාස්කු වර්තාවෙනුත් කියනවා එදා කටයුතු කරලා තිබුණේ අන්තවාදය වළක්වන්න නෙවෙයි ඒ ගැන පණිවිඩ දුන් පණිවිඩකරුවන්ට ගල් ගැසීම කියල. මට වුනෙත් ඒක. ඒ ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරු 17 දෙනා අගමැතිට බලකලා අධිකරණ ඇමතිව ධූරයෙන් ඉවත් නොකළොත් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියල. රනිල් වික්‍රමසිංහට රටට වැඩිය වටින්නේ බහුතරය. එදා මුස්ලිම් ජන්ද ටික නිසා රනිල් වික්‍රමසිංහ අගමැති එම මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ ඉල්ලීම මත මාව ඇමතිකමෙන් ඉවත් කරන්න. එදා ඒ කැපකිරීම මා කළේ මේ රටේ සියලුම ජනතාව වෙනුවෙන්.
පාස්කු වාර්තාව ගැන කවුරුවත් 100%ක් සතුටට පත්වෙන්නේ නැහැ. නමුත් කොමිසමට දොස් කියන්න බැහැ. එය කළේ සාක්ෂි විශ්ලේෂණය කරලා නිගමන දීම. මහ මොළකරු සොයා ගැනීමේ වගකීම තියෙන්නේ පොලීසියට. මම දැනුත් කියනවා මෙය මෙහෙය වූයේ රිෂාඩ්, බදියුදීන්, හිස්බුල්ලා,මුජිබර් රහුමාන් කියල. එදා ත්‍රස්ත්‍රවාදීන් මුදා ගැනීමට කටයුතු කළේ අසාද් සාලි කියල මම දැනුත් කියනවා.අසාද් සාලි කියනවා රටේ නීතිය මොකක් වුනතපි අරාබි නීතිය අනුගමනය කරන්නේ කියල. රටේ පුරවැසියෙකුට එහෙම කියන්න තියෙන අයිතිය මොකක්ද?'' යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් එහිදී අදහස් දක්වන ලදී.

(LNW)