Sunday, May 05, 2024
Follow Us
නව චක්‍රලේඛය මගින් කැබිනට් මණ්ඩළය පඹයින් ගානට වැටෙනවා – සජිත් ප්‍රේමදාස

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාවක් ද උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරන්නේ කැබිනට් මණ්ඩලයේ හෝ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකිවන පරිදි නව චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම චක‍්‍රලේඛය අනුව මුදල් අමාත්‍යංශ ලේකම් හා අදාල අමාත්‍යංශ ලේකම් අතර සාකච්ඡාවකින් පමණක් මහා පරිමාණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කල හැකි වන බැවින් මෙමගින් අග්‍රාමාත්‍යවරයා ද ඇතුළුව කැබිනට් මණ්ඩලයේ සිටින සියලූ ඇමතිවරුන් පඹයන් බවට පත් කර ඇති බවයි.

මෙමගින් සිදු කරන්නේ සංවර්ධන ක්‍රියාදාමය ශක්තිමත් කිරීම හෝ ඉක්මන් කිරීමක් නොවන බව ද ඔහු පවසා සිටියේය.

(Lanka Leads)