Tuesday, August 26, 2025
Follow Us
ඉක්මනින් තියන්න කිව්වාට නීතිය වෙනස් නොකර කොහොමත් පළාත් සභා ඡන්දය තියන්න බෑ - දිනේෂ්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණ ද නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් කිසිවෙකුටත් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

"ඉස්සෙල්ලා නීතියේ වෙනසක් ඇති කරන්නෙ නැතුව කිසි කෙනෙකුට ඡන්දයක් තියන්න බෑ. ඉක්මනින් කියන්නෙ කොහොමත් නීතිය වෙනස් නොකර පවත්වන්න බෑ. ඒක ආණ්ඩුවටවත් කරන්න බැරි දෙයක්. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා නීතිය හරියට හදලා ඉදිරිපත් කරන්න, එතකොට තමයි ඡන්දය තියන්න පුළුවන් කියලා. ඒ බාධාව තමයි තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ මැතිවරණ සූදානම් සම්බන්ධයෙන් ඊයේ (13) මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)