Tuesday, August 26, 2025
Follow Us
අසාද් සාලිගේ ප්‍රකාශය ගැන CID විමර්ශණයක්

අසාද් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත්කර තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අසාද් සාලි මහතාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු මෙන්ම එම ප්‍රකාශයෙන් ජාතීන් සහ ආගම් අතර ගැටලු ඇතිවී තිබේ ද යන්න මෙමගින් විමර්ශණ සිදු කරනු ලබයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර පොලිස් මූලස්ථානයට ද තවත් පැමිණිල්ලක් ලැබී තිබේ.

(Aruna)