Saturday, May 04, 2024
Follow Us
මහින්ද ද? බැසිල් ද? පැතිරෙන කථාවලට ජනපතිගෙන් උත්තර

විවිධ පුද්ගලයින් තම පවුල තුළ අර්බුද නිර්මාණය කිරීමට උත්සහ ගන්නා නමුත් එවැනි අර්බුද තම පවුල තුළ නිර්මාණය කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා කියා සිටියේ සමස්තයක් ලෙස එකට එක්ව ක්‍රියාත්මක වුවොත් රජයක් ලෙස සාර්ථක වීමට හැකි බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ථ ආසියාවේම ශ්‍රේෂ්ඨ නායකයෙක් බවත් ඔහුගේ ප්‍රබුද්ධ දේශපාලන දැනුමට කිසිවෙකුට හෝ ළං විය නොහැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන නායකත්ව දෙකම රජයක් ගෙනයෑමේ දී තමා බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

කිසිදු විටක කිසිදු අර්බුදයක් නොමැතිව රට ඉදිරියට ගෙන යන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ මීලග ජනාධිපතිවරණයට සුදුස්සා බැසිල් රාජපක්ෂ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

(Neth)