Thursday, January 01, 2026
Follow Us
සාලිට එරෙහිව සී.අයි.ඩී.යට අදත් පැමිණිලි

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලිට එරෙහිව අදත් (13) පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරනු ලබා තිබේ.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ පූජ්‍ය අඟුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් සහ ජාතික පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඊයේ (12) දිනයේ ද ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පසුගිය දිනෙක සිදුකළ ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමින් ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.

ඒ අසාද් සාලි මහතා සිදුකළ ප්‍රකාශය තුලින් ජාතීන් අතර අසමගිය වර්ධයන කරන බව සඳහන් කරමිනි.

(Aruna)