Thursday, January 01, 2026
Follow Us
විමල්ගේ වැය ශීර්ෂය පැරදවීමේ සූදානමක්

“අනිද්දා” පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් දැඩි පියවරක් නොගන්නේ නම් එළඹෙන අයවැයේ දී ඔහුගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත් කරන බවතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇත.

එම පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 40කට වැඩි පිරිසක් අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා මුණගැසී සාකච්ඡා විමල් වීරවංශ අමාත්‍යවරයා සම්බන්ධ්යෙන් සාකච්ඡා කර ඇති බව මින් පෙර වාර්තා වී තිබුණි.

විමල් වීරවංශ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් ආණ්ඩුව විවේචනය කරන සිටින බව සමහර මන්ත‍්‍රීවරුන් පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.

(Lanka Leads)