Tuesday, August 26, 2025
Follow Us
සමාව දීමට හෝ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන් සොයාගත යුතුයි - මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

කිතු දහම අනුව සමාව දීමට හෝ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන් සොයාගත යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහමොළකරුවන් සොයා ඔවුන්ට දඬුවම් ලබාදෙනතුරු ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑම් කරන බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර පාස්කු කොමිසමේ වාර්තාවේ සම්පූර්ණ පිටපත් මේ වන විට නීතිපතිවරයා වෙත භාර දී තිබෙනවා. ඒ, සංවේදී කරුණු ඇතුළත් ඉතිරි වෙලුම් 22කද නීතිපතිවරයා වෙත ඊයේ භාර දීමත් සමගයි.

මේ අතර පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්තලම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ මේ වන විටත් අධිචෝදනා ගොනුකර අවසන්.

(Neth)