2024 ජනාධිපතිවරණය සඳහා ද ජනතා ඉල්ලීම පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බවත් ඒ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ඊට සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
"තව අවුරුදු හතරක් තියෙනවා, එදාට මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ඉල්ලයි. එතුමා ඉල්ලන්නෙ නෑ කියලා විවිධ ප්‍රකාශ කරලා පොහොට්ටුව විනාශ කරන්න හදන අයගේ සිහින සැබෑ වෙන්නෙ නෑ.
ජනාධිපතිතුමා ඉදිරිපත් වෙන්නෙ නැත්නම් මේ රටේ සියලු පක්ෂ එකතු කරගෙන රටේ මිනිස්සුන්ට වැඩක් කරන්න පුළුවන් බුද්ධියක් සහ රට ගොඩනගන්න දැනුමක් තියෙන නායකයෙක් ඉන්නෙ බැසිල් රාජපක්ෂ මැතිතුමා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට පැහැදිලිවම කියනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට සුදුසුයි. බැසිල් රාජපක්ෂ එනවාට අකමැති අය මඩ ගහගෙන යනවා, නමුත් එතුමාව හෝ පොහොට්ටුව වට්ටන්න පුළුවන්කමක් නෑ" යනුවෙනුයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කළේ.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)