Thursday, January 01, 2026
Follow Us
අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවීම හේතුවෙන් පාස්කු කොමිෂන් සභා වාර්තාව විකෘති කරලා

ඊයේ(11) පාස්කු කොමිෂන් වාර්තාව මගින් බෞද්ධ ජනතාවට, බෞද්ධ සංවිධානවලට සහ මහා සංඝරත්නයට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනා පරාජය කිරීමේ අරමුණින් ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේ පිරිසක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වූ සත්‍යග්‍රහයට එක්වෙමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසා සිටියේ අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවීම හේතුවෙන් පාස්කු කොමිෂන් සභා වාර්තාව විකෘති වී ඇති බවයි.

එය නම් කර තිබුණේ “යුක්තිය උදෙසා යතිවර පාරමිතාව” නමින් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝද සත්‍යග්‍රහයට වැඩම කර සිටියහ.එහිදී මහා සංඝරත්නය අධිෂ්ඨාන ප්‍රතිඥාවක් ලබාදුන්හ.

 

(Lanka Leads)