Thursday, January 01, 2026
Follow Us
රවී කරුණානායක අභයාරාමයේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට සහ අගමැතිට උපදෙස් දෙයි

ඊයේ (11) දින නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ කොවිඩ් -19 එන්නත් ලබාදීමේ වැඩසටහනක් පැවති අතර එයට සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක යන මහත්වරුන් ද පැමිණ තිබුණි.

මේ අතරවාරයේ පසුගිය දිනවල ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචනාත්මකව අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැ දැකීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අග්‍රාමාත්‍යවරයා අභයාරාමයේ රැඳී සිටි කාලසීමාවේදී කොවිඩ් එන්නත ලබාගැනීමට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද පැමිණ තිබේ.

එහිදී අදහස් පල කළ රවී කරුණානායක මහතා මෙසේ පවසා තිබේ.
“ඔබ වහන්සේ නිහඬ සේවයක් කරනවා. මම අගය කරන්නේ නිහඬව නෙවේ හඬක් ඇතිව ගෙනාපු කට්ටිය නිවැරදි කරන එක තමයි හරි. මේකේ දක්ෂයෝ එකතු කරලා වැඩක් කරන එක. මම අගමැතිතුමාට කිව්වේ”

(Lanka Leads)