අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරගේ සිරගත කර සිටින රංජන් රාමනායක මහතාට අමුත්තන් බැලීම සති දෙකකට තහනම් කර ඇත.
ඒ පසුගිය දිනෙක අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට දඩුවමක් ලෙසිනි.
අද අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය ශාලාව වෙත රංජන් රාමනායක මහතා කැදවාගෙන විත් එහි අදාළ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඔහු විසින් වරද පිළිගෙන තිබේ.
ඒ අනුව බන්ධනාගාර අඥා පනතේ 78 වැනි වගන්තියට අනුකූලව රංජන් රාමනායක මහතාට අමුත්තන් බැලීම සති දෙකකට තහනම් කර ඇත.
(Aruna)