Thursday, January 01, 2026
Follow Us
ස ජ බ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සීඅයිඩියට පැමිණේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කර තිබු අතර එම ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරණු ලැබීය.

ඒ අනුව අශෝක් අබේසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ අතර ඔහු දෙවතාවකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම මඟ හැරියේය. කෙසේ වුවද සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ අශෝක් අබේසිංහ මහතා අද(11) පෙරවරුවේ අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

(Lanka Leads)