Thursday, January 01, 2026
Follow Us
විමල්ට එරෙහිව රිෂාඩ්ගේ පැමිණිල්ල ගැන ජනිපෙන් ප්‍රතිචාර

අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිදුකළ පැමිණිල්ලට අදාළව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් නෙත් නිවුස් වෙත කියාසිටියේ ඉකුත් ආණ්ඩු සමයේ පොලීසියට සිදුකළ බලපෑම් වත්මන් ආණ්ඩුව සමයේ සිදුනොවන බවයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට අමාත්‍ය විමල් වීරවංශ ඉකුත්දා කළ ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

(Neth)