Thursday, January 01, 2026
Follow Us
“එකම රටක් එකම නීතියක්” පොරොන්දු වූ “සෞභාග්‍යයේ දැක්මට” අසාද් සාලි අභියෝග කරයි

මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූවා කියා කුරාණයේ ඇති නීති වෙනස් කළ නොහැකි බවත් එසේ වෙනස් කලද මුස්ලිම් ජනතාව එය පිළිගන්නේ නැතැයි ද පවසන ඔහු මුස්ලිම් නීති වෙනස් කල ද මුස්ලිම් ජනතාවගේ ජීවන රටාවන් නීති වලින් වෙනස් කළ නොහැකි යයිද පවසයි

මුස්ලිම් ජාතිකයෙකු විවාහ කීපයක් සිදු කරන්නේ හැකියාව අනුව බවත් රැක බලා ගැනීමට හැකියාවක් ඇතිනම් විවාහ තුනහතරක් සිදුකරගැනීමේ ප්‍රශ්නය කුමක්දැයි විමසා සිටි ඔහු
බහු විවාහ සිදු කර ගන්නේ තවත් අයට පිහිට වීමේ අරමුණින් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

එනිසා මුස්ලිම් නීති වෙනස් කිරීමට උත්සාහ කර අනවශ්‍ය අර්බුද නිර්මාණය කිරීමට කටයුතු නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ඔහු පවසයි.

(Lanka Leads)