ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කළ ඉල්ලීමට අනුව පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් පැමිණීම සඳහා කථානායකවරයාගේ අවසරය හිමි වී තිබේ.
මෙය ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නිල වශයෙන් ලැබුන අවසරක් බව මධූර විතානගේ මහතා පැවසීය. ජලය මඟින් ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීම කිරීමට මෙමගින් බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර ඇත.
මන්ත්‍රී මධුර විතානගේ මහතා,
“ ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බෝට්ටුවෙන් පාර්ලිමෙන්තුවට යන දවස අද. මම පසුගිය මංගල සැසිවාරයේ දී පාර්ලිමේන්තුවට ගියා නිල නොවන විදියට. නමුත් අද දින සියලු නීතිවලට අනුකූලව ජල මාර්ගයෙන් ගමන් කරන ප්‍රතිපත්තිය අනුව පාර්ලිමේන්තුවට පිටත් වුණා. මම බලාපොරොත්තු වෙන්නේ මෙයින් ජලය මඟින් ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීම.“
(Aruna)