Thursday, January 01, 2026
Follow Us
සමගී තරුණ බලවේගයේ උප සභාපතිවරුන් පත් කරයි

සමගි තරුණ බලවේගයේ උප සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ එරන්ද වැලිඅංගේ පත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පත් කිරීම සිදු කරනු ලැබුවා.

කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර එරන්ද වැලිඅංගේ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයායි. වර්තමානයේ හෝමාගම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායකවරයා වන්නේද ඔහුයි.

(Neth)