Tuesday, August 26, 2025
Follow Us
දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහිව ෆොන්සේකා අධිකරණයට

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා තිබේ.

සමගි ජන බලවේගයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අද (09) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයන් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු මෙන්ම එම කොමිසමේ ලේකම් හා නීතිපතිවරයා නම්කර ඇත.

පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා සඳහන් කර ඇත්තේ දේශපාලන පලිගැනීම් පිළිඳව විභාග කළ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් තමාද වගකිවයුතු පුද්ගලයකු බවට නම්කර ඇති බවය.

ඔහු සඳහන් කරන්නේ කොමිසම විමර්ශන සිදුකළ ආකාරය වැරදි සහ තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා ක්‍රියාකර ඇති බවයි.

(Aruna)