Thursday, January 01, 2026
Follow Us
ඉස්ලාම් අන්තවාදයෙන් රට බේරා ගැනීමට කටයුතු කරනවා

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ මඟින් බෞද්ධ සමාජයට විශාල අවාසනාවන්ත තත්ත්වයක් ඇති කර තිබෙන බවත් එයට එරෙහිව සත්‍යග්‍රහයකින් විරෝධතාවයක් ආරම්භ කරන බවත් අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසා සිටියහ.

රට පුරා දිස්ත්‍රික්කයක් ගානේ ගොස් මෙම වාර්තාවේ ඇති විකෘතිය පහදා දෙන බවද පැවසූ උන්වහන්සේ ඉස්ලාම් අන්තවාදයෙන් රට බේරා ගැනීමට කටයුතු කරන බවද තවදුරටත් කියා සිටියහ.

(Lanka Leads)