Tuesday, August 26, 2025
Follow Us
ගුවන්තොටුපළට ආව නාමල්ට රට යන්න අවසර නොදෙයි

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන ඩුබායි බලා පිටත්වීම සඳහා කොළඹ ගුවන්තුටුපලට ගිය අවස්ථාවේදී ඔහුට විදෙස් ගතවීමට අවසර ලබාදීම ගුවන්තොටුපළ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය රජය සමයේදී නාමල් රාජපක්ෂ මහතාට මුදල් විශුද්ධි කරන චෝදනා යටතේ අධිකරණයේ නඩු පවරා තිබුනු අතර ඔහුට විදෙස් ගතවීම තහනම් කර තිබුණි. නමුත් පසුව ඔහුට විදෙස් ගතවීමට අවසර ලබාදී ඇත.රාජ්‍ය ආයතන අතර ඇති සන්නිවේදන දුර්වලතා නිසා ගුවන්තොටුපළ බලධාරීන් විසින් මෙම අවසරය පිලිබඳ දැනුවත් වී නැත.

නාමල් රාජපක්ෂ මහතා අනතුරුව එකී අවසරය පිලිබඳ ගුවන්තොටුපළ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව ඔහුට විදෙස් ගතවීමට අවසර ලබාදී ඇත.

(Aruna)