Thursday, January 01, 2026
Follow Us
WHO ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක විය යුතුයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, අදාළ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළහොත් මෙරටට දැනට ලැබී ඇති සීමිත එන්නත් ප්‍රමාණයෙන් සාර්ථක ප්‍රථිඵල අත්කරත හැකි බවයි.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙතෙක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති බවත්, නියමිත අවස්ථාවේදී ඔවුන් එම එන්නත ලබාගනු ඇති බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වැඩිහිටි ජනගහනය සඳහා ප්‍රමුඛතාවය දීමට යුනිසෙෆ් සංවිධානය විසින් කොවැක්ස් ක්‍රමවේදය හරහා මිලදී ගන්නා ලද එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලැබීමට නියමිත සමස්ත කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 1 දශම 44ක්.

(Neth)