සති අන්ත විකල්ප ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර තිබුනේ තමා විමල් විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 12ක් ඇතුළත් කණ්ඩායමට සම්බන්ධයක් නොමැති බවත් තමා පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ එම පක්ෂයේ සාමාජිකත්වය අරගෙන වුවද තමා සිටින්නේ තමාගේ මතයේ බැවින් තමන්ට තිබෙන්නේ විජයදාස රාජපක්ෂ අනන්‍යතාවය පමණක් බවත්ය.
වැඩිම වුනොත් කළ හැක්කේ ඇමතිකමක් නොදීම හෝ මන්ත්‍රීකම අහෝසි කිරීමක් බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා තමාට තනතුරු අනවශ්‍ය බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විකුනපු අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා ගෙදර නිදාගෙන සිටින විට තමා තනියෙන් උසාවි ගොස් එය බේරා ගත් බවත් මහින්ද රාජපක්ෂ පාළන කාලයේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට රාජපක්ෂ පාළනය එපා කියූ ඇපලෝ රෝහල, රක්ෂණ සංස්ථාව යළි ගත් තමා පක්ෂ නායකයන්ට වඩා දේවල් රට වෙනුවෙන් කර තිබෙන බවද සඳහන් කරයි.
තමා කළ දේවල් එක රාජ්‍ය නායකයෙකුවත් කර නොමැති බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා තමා මහින්ද රාජපක්ෂ මහතාට ගරු කරන්නේ යුද්ධය අවසන් කළ නිසා බවද පෙන්වා දෙයි.
(Lanka Leads)