Thursday, January 01, 2026
Follow Us
සමගි ජනබලවේගයේ තීරණය සඳුදා

ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර එම කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙළුම් ප්‍රසිද්ධ කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ලබන 10 වනදා පැවැත්වීමට දින යොදාගෙන ඇති එම විවාදය සම්බන්ධයෙන් සිය පක්ෂයේ තීරණය එළඹෙන සඳුදා පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බවයි.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් පැවැත්වීමට නියමිත කළු ඉරිදා විරෝධතා වැඩසටහනට සිය පක්ෂය ද සහය දක්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)