ජාත්‍යන්තර වනජීවි දිනය අදට (03) යෙදී තිබෙනවා. මීට සමගාමීව සමගි ජන බලවේගය හරිත පක්ෂයක් ලෙස ජනගත කරනු ලැබීය. ඒ අනුව, ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම සඳහා වූ ප්‍රකාශනය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්සන් කරනු ලැබීය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අන්‍යාගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා ද ඉන්දියානු මහකොමසාරිස්වරයාද දේශපාලන නායකකාරකාදීන් රැසක්ද ආදිවාසීන් නියෝජනය කරමින් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
පාරිසරික සුරක්ෂිතතාවය සහ වනජීවී සංරක්ෂණයෙහි වැදගත්කම පිළිබඳව මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදහස් දක්වූ අතර සමගි ජන බලවේගය හරිත පක්ෂයක් බවට පත් කිරීමෙහි වැදගත්කමද අවධාරණය කරනු ලැබීය.
(LNW)