Monday, August 25, 2025
Follow Us
රාජිතගේ සුදුවෑන් නඩුව අප්‍රේල් 28 ට කල් යයි

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජිත සේනාරත්න මහතා‍ගේ මූලිකත්වයෙන් පැවති සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාලව ගොනුකර ඇති මහාධිකරණ නඩුව අද (02) යළි කැඳවා තිබිණි. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේදීය.

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී රජයේ නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිල්ල විසින් විත්ති පාර්ශ්වයට ලබාදිය යුතු ලේඛන ලබාදීම සඳහා මාසයක පමණක කාලයක් අවශ්‍ය බවයි. එම ඉල්ලීමට ඉඩ දෙමින් මෙම නඩුව ලබන අප්‍රේල් 28 වැනිදා දක්වා කල්තැබීමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේය.

ජනාධිපතිවරණ සමයේදී සුදු වෑන් භීෂණය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සබාපති මොහමඩ් රූමි මහතා මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

(LNW)