සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධූරයක් දරන පාඨලී චම්පික රණවක මහතා විසින් නිර්මාණය කළ 43 සේනාංකය ද සමගි ජන බලවේගයට අනුයුක්ත සංවිධානයක් කිරීම සඳහා රණවක මහතාටද සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගන්නා මෙන් සජිත් ප්‍රේමදාස මහතා කීප විටක්ම ආරාධනා කර ඇතිමුත් ඊට මේ වන තුරු රණවක මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති වීම හේතුවෙන් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රණවක මහතා අතර මත ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට සමගි ජන බලවේගයේ අන් ජ්‍යෙෂ්ඨයන්ට මෙන්ම රණවක මහතාට ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිධුරයක් පිරිනමා ඇති මුත් ඔහු තවමත් එය ද භාරගෙන නොමැති අතර මේ තත්ත්වයන් සමනය කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු මුල් වී කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
(Lanka Leads)