පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සමගි ජනබලවේගය පවසනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් ප‍්‍රහාරයට සම්බන්ධ පිරිස් හෙළි නොකිරීම සැකයට තුඩු දෙන කරුණක් බවයි එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර ජනතාවට සාධාරණය ඉටු කිරීමට නොහැකි නම් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් හෝ පැවැත්විය යුතු බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)