Thursday, February 05, 2026
Follow Us
සජබ මංගල මහ සමුළුව 15 වැනිදා

සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙහි මූලික සාකච්ඡාවක් සමගි ජන බලවේගයේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී සංවිධාන කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුට පවරා තිබේ. පක්ෂයේ නව නිලධාරි මණ්ඩලයද එහිදී ප්‍රකාශ කර සම්මත කර ගැනීමට නියමිතය. සමගි ජන බලවේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද පසුගිය සිකුරාදා (26 වැනිදා) පස්වරුවේ පැවැත් විණි.

(Aruna)