Monday, August 25, 2025
Follow Us
ගෝටාභය රාජපක්‍ෂ මහතාට දේශපාලන නායකත්ව තනතුරක් හිමි විය යුතුයි

ආණ්ඩුවේ පක්ෂ කිහිපයක නායකයන් සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් අතර නාරාහේන්පිට අභයාරාමයේදී පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා කියා සිටියේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට දේශපාලන නායකත්ව තනතුරක් හිමි විය යුතු බවයි.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ,ජනාධිපතිවරයා දේශපාලන තන්ත්‍රය හා නිවැරදි ලෙස මුසු වන්නේ දේශපාලන නායකත්වයට පත්වූ විට බවත් එවිට රාජ්‍ය නායකයා දේශපාලන තන්ත්‍රයේ ද නායකයෙක් ලෙස ඉදිරියට යා හැකි වනු ඇති බවත්ය.

(Lanka Leads)