Saturday, April 27, 2024
Follow Us
චන්ද්‍රිකාගේ කාලයේදිත් මහින්දගේ කාලයේදීත් බෝම්බ පිපිරුණා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්වීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ෂණයට පත් කළ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවේය.

එහිදී ඔහු පවසා සිටියේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේදී මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දී ද බෝම්බ පිපුරුනු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ ගෝඨභය රාජපක්ෂ මහතාගේ මෙම හැසිරීම ඔහුගේ බලය අවසන් වූ කාලයකදීද දැඩිව බලපානු ඇති බවයි.

(Lanka Leads)