Friday, January 02, 2026
Follow Us
ආකර්ෂණීයම දේශපාලන චරිතය බැසිල් නෙවෙයි විමල්

විමල් වීරවංශ මහතාට විපක්ෂයේ පැත්තට එන්න කිව්ව පලියට ඔහු එතන ඉඳන් මෙතනට එන්නේ නැති බව දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතාට එන්න කියනවා නම් කිව යුත්තේ ඉහළ මට්ටමකින් බව ද සේනාරත්න මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතා චරිතයක් මෙන්ම පොදුජන පෙරමුණේ සිටින ආකර්ෂණීයම දේශපාලන චරිතය බව පෙන්වා දෙන සේනාරත්න මහතා විරවංශ මහතා සමග කතා කළ යුතු දේශපාලන භාෂාවක් තිබෙන බවද සඳහන් කරයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම වත්මන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

(Lanka Leads)