Friday, January 02, 2026
Follow Us
කොවිඩ් එන්නත ලබා ගන්න මන්ත්‍රීවරුන්ට තවත් අවස්ථාවක්

තමන්ට මේ මොහොතේ කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. කොවිඩ් මර්දන එන්නත්කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර, කොවිඩ් මර්දන එන්නත් මෙතෙක් ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත් ලබාගැනීම සඳහා තවත් දින 03 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 23, 24, 25 යන දිනවල නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී එම එන්නත ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ.

(NEth)