Monday, August 25, 2025
Follow Us
විමල් වීරවංශ පසුපස සිටින්නේ ඔබ දැයි බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසිය යුතුයි

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැති උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඔබේ පසුපස සිටින්නේ කවුදැයි විමල් වීරවංශ මහතාට පහර දෙන අයගෙන් විමසිය යුතු බවත් එසේ නැතිනම් විමල් වීරවංශ මහතාට පහර දෙන අය පසුපස සිටින්නේ ඔබදැයි බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසිය යුතු බවත්ය.

එහිදී අමාත්‍යයවරයා අවධාරණය කරණු ලැබුවේ පසුගිය යහපාලන ආණ්ඩුව සමග එකට ගණුදෙනු කරමින් සිටි අය ඉතිහාසය නොදැන අවලාද කීවද ජනතාව සත්‍යය දන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේද අවසානය ආරම්භ වූයේ විමල් වීරවංශ මහතා ඉවත් කිරීමෙන් පසු බවත්ය.

(Lanka LEads)