Monday, August 25, 2025
Follow Us
විමල්ට පහර දෙනු! පසු පෙල මන්ත්‍රීවරුන්ට අදිසි හස්තයකින් උපදෙස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාට දිගින් දිගටම මාධ්‍ය හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් කරන ලෙස තමන්ට උපදෙස් ලැබී ඇති බවයි.

එම උපදෙස් වලට අනුව ඉදිරි දින වලදී ද වීරවංශ ඇමතිවරයා ඉලක්ක කර ජනහමුවල දී දැඩි විවේචන ඉදිරිපත් කිරීමට නියමිත බව පසුපෙල මන්ත‍්‍රීන් අනාවරණය කර සිටී.

මේ සම්බන්ධව අදහස් දක්වන හිටපු අමාත්‍යය කුමාර වෙල්ගම මහතා පවසන්නේ එක් රාජපක්ෂවරයෙකුට විමල් සමඟ දැඩි ආරෝවක් පවතින බවයි.

(Lanka LEads)