Tuesday, October 22, 2024
Follow Us
ලක්ෂ 3.5 කගේ ඡන්ද අයිතිය අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ගැන පොහොට්ටුවෙන් හෙළිදරව්වක් !

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ සඳහා 2019 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛනය වෙනුවට 2018 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛනය උපයෝගී කර ගැනීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ හරහා පළමු වරට සිය ඡන්දය භාවිතා කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් ලක්ෂ තුන හමාරකගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන බවයි එම පක්ෂය පවසන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (22) සිය පක්ෂ කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙය ආණ්ඩුවේ මැදිහත්වීම හරහා සිදුවන කුමන්ත්‍රණයක් බවයි. 2015 දී බලයට පත් වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා තරුණ පරපුර රජය කෙරෙහි දැඩි කළකිරීමෙන් සිටින බැවින් ඔවුන්ගේ ඡන්ද අයිතිය අහිමි කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බවයි අබේවර්ධන මහතා පවසන්නේ.

මෙම කුමන්ත්‍රණයට කිසිසේත්ම ඉඩදිය නොහැකි බැවින් 2019 වසරේ ඡන්ද නාම ලේඛනයට අනුව ඉදිරි මැතිවරණ පවත්වන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණ වැඩිදුරටත් අනාවරණය කරයි.

(LNW)