සහාය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දැන් ඉදිරිපත් කරන කතාව පිළිගත නොහැකි එකක් බවත් මුස්ලිම් ජනතාවට හෝ රටට ආදරය කරනවා නම් දේශපාලනයයි ආගමයි පටළවා නොගත යුතු බවත්ය.
“මම දැක්කා මුස්ලිම් කොංග්‍රසය රැස්වෙලා කියනවා එයාලා 20 වැනි සංශෝධනයට සහාය දුන්නෙ කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දෙනවා කියලා පොරොන්දු වුණ නිසා කියලා. කොවිඩ් භූමදානයයි 20 වැනි සංශෝධනයයි කියන්නෙ දෙකක්. අපි මුස්ලිම් කොංග්‍රසයට කියන්න කැමතියි මේක පටළවාගන්න ලෑස්ති වෙන්න එපා.
මේකෙ නාට්‍යයේ හොඳම ජවනිකාව කියන්නෙ නායකයො දෙන්නා මෙතන ඉඳගෙන කණ්ඩායම ඡන්දෙ දෙනවා අනිත් පැත්තට. එහෙම වෙන්න බෑනෙ. මේ අයට ආයෙ සමාවක් නෑ. මුස්ලිම් ජනතාවට හෝ රටට ආදරය කරනවා නම් දේශපාලනයයි ආගමයි පටළවාගන්න එපා කියලා අපි ඉල්ලනවා” යනුවෙන් ඒ මහතා කරුණු පැහැදිළි කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.
(Lanka LEads)