Friday, January 02, 2026
Follow Us
මහජනතාවට එන්නත් දෙන්න ආරම්භ කළාට පස්සෙයි අපට දෙන්න ගත්තේ. ගැටළුවක් කරගන්න එපා - මුසම්මිල්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත් ලබාදීම ආරම්භ කළේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම ආරම්භ කළායින් පසුව හෙයින් මෙය ගැටළුවක් කර නොගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

"මහජනතාවට ලබාදීම ආරම්භ කළායින් පසුව තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සිද්ධ කරන්නෙ. ඒක ඉතිං ගැටළුවක් කරගන්න එපා. මේ මුළු රටම එන්නත්කරණය කරන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව පැවසුවේ ඊයේ (16) කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා නාරාහේන්පිට යුධ හමුදා රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)