විමල් වීරවංශ මහතා සහ ආණ්ඩුවේ යම් පාර්ශවයන් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය ගැන අදහස් පළ කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර සිටියේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට නොහැකි වීම නිසා යම් ප්‍රභල නිළධාරීන්ද ඇතුළු ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිත් රිදවා ගෙන සිටින බවත් ඉන්දියාවට එම ජැටිය දීමට ආණ්ඩුවේ සමහර පිරිස්ද පක්ෂපාතිත්වයක් තිබූ බවත්ය.
විමල් වීරවංශ ප්‍රමුඛ තමන් ඇතුළු පිරිස් ඊට විරෝධය දැක්වීම නිසා අවසානයේ එම කටයුත්ත අත්හැර දමන්නට සිදු වූ බවත් එම කණ්ඩායමට පරාජය වීමේ හැඟීමක් ඇති නියා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඇමැතිවරයා තවදුරටත් පැවසීය.
(Lanka Leads)