Friday, January 02, 2026
Follow Us
මිලියනයකට පසුව මම එන්නත ලබා ගන්නවා

තමන් කොවිඩ් එන්නත ලබා ගැනීමට කටයුතු නොකරන බවට පාර්ලිමේන්තු හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. සිය ටිවිට්ර් සටහනක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ අවම අවශයෙන් මෙරට ජනතාවගෙන් මිලියනයකට එන්නත්කරණය සිදුකිරීමෙන් පසුව එන්නත ලබා ගැනීමට කටයුතු කරන බවයි.

" මම දැන්ම කෝවිඩ් එන්නත ලබා නොගනිමි. අපගේ ප්‍රමුඛතාවය විය යුත්තේ බොහෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ප්‍රමුඛ පෙළේ සේවකයින්ට එන්නත් කිරීමයි. අවම වශයෙන් පුද්ගලයින් මිලියනයකටවත් එන්නත ලබා දීමෙන් පසුව එම එන්නත ලබා ගැනීමට කටයුතු කරමි" යැයි සිය ට්විටර් සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසා සිටිනවා.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී එම එන්නත ලබාගත්තේ දැයි එක්ව සිටි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා.

මේ අතර අද දිනයේ සිට ලබන 19 වනදා දක්වා උදෑසන 8යි 30 සිට දහවල් 12.00 දක්වා නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

(Neth)