Monday, August 25, 2025
Follow Us
හර්ෂ, බන්දුල සුසංයෝගයකට හර්ෂගේ ඉල්ලීමට බන්දුලගෙන් යහපත් ප්‍රතිචාර

යහපාලන යුගයේදී තමා විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡාවකට ඉඩ ලබාදෙන ලෙස වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් කරන ලද ඉල්ලීමකට ඉඩ ලබාදුන් පුවතක් ස.ජ.බ. පාර්ළිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් තම මුහුණු පොතේ පළකර ඇති සටහන මෙසේය:

දඹුල්ලෙන් නොනැවතී රට පුරා කෘෂි ගබඩා ජාලයක් හදන්න
විපක්ෂයේ හිටියත් මගේ නායකත්වයෙන් දඹුල්ලේ පටන් ගනිපු ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් නිම කරවා ගන්න මම උපරිම උත්සාහයක් ගන්නවා. මෙහි ඉදිකිරීම් බලන්න මම පසුගියදා දඹුල්ලට ගියා. එවිට මම රජයට පෙන්වාදුන්නේ මෙහි ඉදිකිරීම් වලට සමගාමීව ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහනක් කඩිනමින් ආරම්භ කළ යුතු බවයි.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මගේ අදහස් ලබාදීමට අවස්ථාවක් මා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා ඔහු අද උදෑසන අවස්ථාව ලබාදුන්නා. එයට මා ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්, ආහාර කොමසාරිස්තුමිය, ගොවි සමුපාකාර සංගමයේ සභාපතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම වෙනුවෙන් වන මගේ අදහස මා මෙහිදී පැහැදිලි කළා.

මා මෙහිදී, අවධාරණය කළේ මෙවැනි කෘෂි ගබඩා ජාලයක් රටේ ඇති කිරීමට මා සැලසුම් සකස් කර තිබූ බවත් දඹුල්ලේ කෘෂි ගබඩාව විවෘත කිරීමෙන් පසුව එම සැලසුමද ක්‍රියාත්මක කරන ලෙසයි.

(Lanka Leads)