Friday, January 02, 2026
Follow Us
20ට සහාය දුන් 4 දෙනා පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ “දැඩි තීණ්දුව” වැළලෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර සභාව එහි පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර; 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කළ මන්ත්‍රීවරුන් හතරදෙනාට පක්ෂයෙන් සහ මහජනතාවගෙන් සමාව ගැනීමේ කොන්දේසිය මත සමාව ලබාදීමට අවසානයේදී තීරණය කර තිබේ.

මින් පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර සභාව දැඩි තීණ්දුවකට එළඹ තිබුනේ ඔවුන් 4 දෙනා පක්ෂයෙන් ඉවත් කළ යුතු බවයි.

එහිදී “අපේ මන්ත්‍රීවරුන්ගේ ඒ ක්‍රියා කලාපය උත්තරීතර සභාවේදී දැඩිලෙස විවේචනයට ලක්වුණා. ඒ මන්ත්‍රීවරු එකඟ වුණා තමන් මේ ඡන්දය දීම පිළිබඳව මහජනතාවගෙන් සමාව ගන්න. උත්තරීතර මණ්ඩලය මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා, තමන් මේ රජයට මෙතෙක් කල් යම් බලාපොරොත්තුවකින් දුන්නු සහයෝගයට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව තමන්ගේ දැඩි කණගාටුවත් විරෝධයත් පළකරන්න කියලත්,” යනුවෙන් රවුෆ් හකීම් මහතා පැවසීය.

එම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් මන්ත්‍රීවරුන් පවසන්නේ කෝවිඩ් වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබාදෙන බවට ආණ්ඩුවේ පාර්ශව පැවසූ බැවින් තමන් සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් බවය.

(Lanka Leads)