Sunday, August 24, 2025
Follow Us
දේශපාලනයේදී ඇතිවන කුණාටු අලුත් ගොඩබිම් නිර්මාණය කරනවා

උත්සව සභාවක් අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටියේ දේශපාලනයේදී ඇතිවන කුණාටු අලුත් ගොඩබිම් නිර්මාණය කරන බවයි.

එහිදී ඔහු අවධාරණය කර පවසා සිටියේ,‘තමුන්නාන්සේලා දන්නවා අපි දේශපාලනයේ බොහෝ කුණාටුවලට මුහුණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණ කරද්දී ජවිපෙන් එළියට බහින්න වෙච්ච් එක තමයි ලොකුම කුණාටුව. ඒ කුණාටුවටත් අපි මුහුණ දුන්නා.2015 ජනවාරි 08 පැරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මුහුණ දුන්නා.සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපි කුණාටුවලට බය වෙන්නෙත් නෑ. කුණාටුවලට අපිව බය කරන්නත් බෑ’.යනුවෙනි.

(Lanka Leads)