Friday, January 02, 2026
Follow Us
කොවිඩ් එන්නත්කරණයට රජය වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් නැහැ

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා රජය වෙන්කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ 90 ක් ගෙන්වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය ඉකුත්දා අනාවරණ කළේ. එහෙත්, එම එන්නත් ප්‍රමාණය මෙරට ජනගහනයට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

කෙසේවෙතත් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන සැලසුම් කළ පරිදි ලබන මාර්තු මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ අවධානම් ඛාණ්ඩයේ සිටි මෙරට ජනතාව වෙනුවෙන් එන්නත් කිරීම සඳහා මේ වන විටත් ශ්‍රී ලංකාව එන්නත් ඇනවුම් කර ඇති බවයි.

(Neth)