Friday, January 02, 2026
Follow Us
රාජපක්ෂ පවුලට එරෙහිව කුමන්ත්‍රණ කිරීමට ඉඩ තබන්නේ නැහැ

අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් අතර මතුව ඇති මත ගැටුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදී අදත් විවිධ අදහස් පළ වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොල්ගහවෙල ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ රාජපක්ෂ පවුලේ කිසිදු අයෙකුට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීමට සිය පක්ෂය ඉඩ නොතබන බවයි.

මේ අතර, අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. දේශපාලන පෙරමුණක් තුළ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඇතැමුන්ට අවබෝධයක් නොමැති බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.

(Neth)