පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත්කර ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කළ යුතු යැයි නිර්දේශයක් ඉදිරිපත් වී ඇති බවට වාර්තා පලවේ. මේ සම්බන්ධයෙන් අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා පල කර තිබෙනු දක්නට ලැබේ. කෙසේ වුවද පාස්කු ඉරිදා ප්‍රහාරය සොයා බැලීම සඳහා වූ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බවද සඳහන් වේ.
එම පුවත් වෙබ් අඩවි වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු කොමිසමේ මුල් වාර්තාවේ එවැනි යෝජනාවක් ඇතුලත්ව තිබී නැතත් පසුව කිසියම් පිරිසකගේ බලපෑම් මත එවැනි යෝජනාවක් අවසන් වාර්තාවට ඇතුලත්කර ඇතැයි ඔහුටද දැනගන්නට ලැබී ඇති බවත් එවැන්නක් සිදුව ඇත්නම් එය පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් බව එම ශ්‍රිලංනිප ප්‍රභලයා අවධාරණය කර සිටි බවයි.
(Lanka Leads)