Friday, January 02, 2026
Follow Us
කොවිඩ් නිසා මියයන පුද්ගලයින් භූමදානයට අවසර හිමිවේදැයි විපක්ෂය සැකයෙන්

කොවිඩ් මරණ භූමදානයට අවසර දෙන බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ ද එය ක්‍රියාත්මක වන තුරු ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත රට ආර්ථික වශයෙන් අර්බුද රැසකට මුහුණ පෑමට ඉඩ ඇති බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ. අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් අතර ඇති වී මතුව ඇති මත ගැටුම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.

(Neth)