Friday, January 02, 2026
Follow Us
පක්ෂ 12 ක නායකයෝ විමල්ගේ සහයට ඔහුගේ නිවසේදී රැස් වෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් පසුගිය දින කිහිපයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා විවේචනයට ලක් කළ අතර, එවැනි පසුබිමක; පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ සුළු පක්ෂ 12 ක නායකයන්, මීට සුළු මොහොතකට පෙර, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්ව තිබේ.

ආණ්ඩුව බලය ලබා ගත් දිනයේ සිට සතියේ සෑම අගහරුවාදාකම පක්ෂ නායක රැස්වීමක් පැවති බවත්, මෑතක සිට එම පක්ෂ නායක හමුව සිදු නොවන බැවින්, පක්ෂ දොලහක නායකයන් මෙසේ රැස්වීමට තීරණය කළ බවත්, අමාත්‍ය උදයගම්මන්පිල මහතා පවසා සිටියේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධානාත්මක පිරිසක් විමල් වීරවංශ අමාත්‍යවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන් ද උදය ගම්මන්පිල අමාත්‍යවරයා සිය පිළිකුළ ප්‍රකාශ කළේ ය.

(Lanka LEads)