Friday, August 22, 2025
Follow Us
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් විමල් වීරවංශ විශාල වැඩ කොටසක් කළා

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටියේ 2015 මහින්ද රාජපක්ෂ මහතාගෙන් පරාජයෙන් පසු ඔහු නැවත දේශපාලනයට රැගෙන ඒමට විමල් වීරවංශ මහතා විශාල කර්තව්‍යයක් කළ බවයි.

මහින්ද සුළඟ සංවිධානය කිරීමට පුරෝගාමී වූ පුද්ගලයන් පස් දෙනාගෙන් එක් අයකු වන්නේද විමල් වීරවංශ මහතා බවත් තමන් ද එම කාර්යයේදි ඉදිරියෙන්ම සිටි පුද්ගලයකු නිසා මෙම සත්‍යය අවිවාදයෙන්ම පිළිගත යුතු බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් කියා සිටී.

අද බෙරිහන් දෙන අය ඒවා නොදන්නවා වූවාට විමල් වීරවංශ මහතා මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ බවද කුමාර වෙල්ගම මහතා අවධාරණය කළේය.

(Lanka Leads)